Friday, June 17, 2011
Thursday, June 2, 2011
කැතෝඩ කිරණවල ගුණ
01. (-) ලෙස ආරෝපිතය
කැතෝඩ කිරන ගමන් ගන්නා මාර්ගය දෙපස විද්‍යුත් ක්ෂේස්ත්‍රයක් තැබූ විට කැතෝඩ කිරණ ධණ ද්‍රැවය දිශාවට උත්ක්‍රමණය වේ. එනම් කැතෝඩ කිරණ (-) ලෙස ආරෝපිතය.
02. සරළ රේඛීයව ගමන් කරයි
කැතෝඩ කිරණ ගමන් ගන්නා මාර්ගය හරහා පාරාන්ත වස්තුවක් තිබූ විට එහි තනි මායිමක් සහිත ප්‍රතිබිම්භයක් ඇතිවේ. මෙමගින් කැතෝඩ කිරණ සරළ රේඛීයව ගමන් කරන බව තහවුරු වේ.
03. පෘෂ්ටයට ලම්භකව නිකුත් වේ.
අර්ධ ගෝලාකාර අවතල කැතෝඩයක් භාවිතා කළ විට සියලු කැතෝඩ කිරණ එම ගෝලාකාර පෘෂ්ටයේ වක්‍රතා කේන්ද්‍රය හරහා ගමන් කරයි. එසේ වන්නේ කැතෝඩ කිරණ පෘෂ්ටයට ලය්භකව විමෝචනය වන නිසාය.
06. ලෝහයක ගැටුණු විට X-කිරණ විමෝචනය වේ.
ලෝහ පදාර්ථ මතට කැතෝඩ කිරණ ගැටීමට සැලැස්වූ විට එම පදාර්ථයෙන් X-කිරණ මුදා හරියි. රොන්ජන්ට් නම් විද්‍යාඥයා විසින් X-කිරණ සොයා ගන්නා ලදී.
07. කැතෝඩ කිරණ නළයේ කුමන වායුව භාවිතා කළද ඉලෙක්ට්‍රෝඩය වශයෙන් කුමන ලෝහය භාවිත කළද ලැබෙන
ආරෝපණය (e)
ස්කන්ධය (m) අනුපාතය නියතයක් වේ.
08. අයනීකරණ ගුණය ඇත.
වායු අණු සමල කැතෝඩ කිරණ ගැටුණු විට (+) ආරෝපිත අයණ බවට පත්වේ.
09. කැතෝඩ කිරණ වලට සේයා ඇති නිරීමේ හැකියාව ඇත.
එබැවින් රූපවාහිනී තිරය, පරිඝනකය, කැතෝඩ කිරණ දෝලනේක්ෂය වැනි උපකරණවල මෙම තාක්ෂණය යොදා ගැනේ.
10. කැතෝඩ කිරණ වීදුරු පෘෂ්ටයක් මත පතිත වූ විට කොළ පැහැයක්ද ZnS ආලේපිත තිරයක් මත පතිත වූ විට ප්‍රතිදීප්තියක්ද ඇති කරයි.
මෙයින් තහවුරු වනුයේ, සෑම පදාර්ථයකටම පොදු වූ අංශුවකින් කැතෝඩ කිරණ සමන්විත බවයි. එහි ගුණද අධ්‍යනය කරමින් කැතෝඩ කිරණ යනු අධික වේගයෙන් ගමන් ගන්නා වූ ඉලෙක්ට්‍රෝන බව පෙන්වා දෙමින් J.J.තොම්සන් විසින් ඉලෙක්ට්‍රෝනය සොයා ගන්නා ලදී.
මෙන්න වීඩියෝ.............
කැතෝඩ කිරන ගමන් ගන්නා මාර්ගය දෙපස විද්‍යුත් ක්ෂේස්ත්‍රයක් තැබූ විට කැතෝඩ කිරණ ධණ ද්‍රැවය දිශාවට උත්ක්‍රමණය වේ. එනම් කැතෝඩ කිරණ (-) ලෙස ආරෝපිතය.
02. සරළ රේඛීයව ගමන් කරයි
කැතෝඩ කිරණ ගමන් ගන්නා මාර්ගය හරහා පාරාන්ත වස්තුවක් තිබූ විට එහි තනි මායිමක් සහිත ප්‍රතිබිම්භයක් ඇතිවේ. මෙමගින් කැතෝඩ කිරණ සරළ රේඛීයව ගමන් කරන බව තහවුරු වේ.
අර්ධ ගෝලාකාර අවතල කැතෝඩයක් භාවිතා කළ විට සියලු කැතෝඩ කිරණ එම ගෝලාකාර පෘෂ්ටයේ වක්‍රතා කේන්ද්‍රය හරහා ගමන් කරයි. එසේ වන්නේ කැතෝඩ කිරණ පෘෂ්ටයට ලය්භකව විමෝචනය වන නිසාය.
04. ගමයතාවයක් ඇත (කාර්යය කිරීමේ හැකියාවක් ඇත)
කැතෝඩ කිරණ සමග හබල් සකයක් ගැටීමට සැළැස්වූ විට කැතෝඩ කිරණ ගමන් ගන්නා දිශාවට එම හබල් සකය භ්‍රමණය වේ. එනම් එම කිරණ වලට ගම්‍යතාවයක් ඇත. එනම් ස්කන්ධයක් හා ප්‍රවේගයක් සහිත අංශු වලින් කැතෝඩ කිරණ සමන්විත වේ.
05. ආරෝපණයක් ඇත
කැතෝඩ කිරණයන් චුම්භක ක්ෂේස්ත්‍රයකට යටත් කළ විට ඒවා
චුම්භක ක්ෂේස්ත්‍රයට ලම්භකව විමෝචනය වේ. එනම් N හෝ S ද්‍රැව වලට ආකර්ෂණය නොවේ. චුම්භක ක්ෂේස්ත්‍රයන්ට උත්ක්‍රමනය වන්නේ ආරෝපිත කිරණයන්ය. එබැවින් කැතෝඩ කරණයන් කිසියම් ආරෝපණයකින් යක්ත බව කිව හැක.06. ලෝහයක ගැටුණු විට X-කිරණ විමෝචනය වේ.
ලෝහ පදාර්ථ මතට කැතෝඩ කිරණ ගැටීමට සැලැස්වූ විට එම පදාර්ථයෙන් X-කිරණ මුදා හරියි. රොන්ජන්ට් නම් විද්‍යාඥයා විසින් X-කිරණ සොයා ගන්නා ලදී.
07. කැතෝඩ කිරණ නළයේ කුමන වායුව භාවිතා කළද ඉලෙක්ට්‍රෝඩය වශයෙන් කුමන ලෝහය භාවිත කළද ලැබෙන
ආරෝපණය (e)
ස්කන්ධය (m) අනුපාතය නියතයක් වේ.
08. අයනීකරණ ගුණය ඇත.
වායු අණු සමල කැතෝඩ කිරණ ගැටුණු විට (+) ආරෝපිත අයණ බවට පත්වේ.
09. කැතෝඩ කිරණ වලට සේයා ඇති නිරීමේ හැකියාව ඇත.
එබැවින් රූපවාහිනී තිරය, පරිඝනකය, කැතෝඩ කිරණ දෝලනේක්ෂය වැනි උපකරණවල මෙම තාක්ෂණය යොදා ගැනේ.
10. කැතෝඩ කිරණ වීදුරු පෘෂ්ටයක් මත පතිත වූ විට කොළ පැහැයක්ද ZnS ආලේපිත තිරයක් මත පතිත වූ විට ප්‍රතිදීප්තියක්ද ඇති කරයි.
මෙයින් තහවුරු වනුයේ, සෑම පදාර්ථයකටම පොදු වූ අංශුවකින් කැතෝඩ කිරණ සමන්විත බවයි. එහි ගුණද අධ්‍යනය කරමින් කැතෝඩ කිරණ යනු අධික වේගයෙන් ගමන් ගන්නා වූ ඉලෙක්ට්‍රෝන බව පෙන්වා දෙමින් J.J.තොම්සන් විසින් ඉලෙක්ට්‍රෝනය සොයා ගන්නා ලදී.
මෙන්න වීඩියෝ.............
කැතෝඩ කිරණ
පදාර්ථයේ විද්‍යුත් ස්වභාවය අධ්‍යනය කරමින් පදාර්ථය තුළ විද්‍යුතයේ මූලික අංශුවක් පවතින බව ජෝජ් ජොන්ස්ටන් ස්ටෝනි පෙන්වා දෙන ලදී.එම අංශුව ඔහු විසින් ඉලෙක්ට්‍රෝනය ලෙස නම් කරන ලදී.
වාතය තුළින් විසර්ජනයක් ඇති කළ හැකි දැයි 1853 දී විලියම් කෲක්ස්, ජෝහැන් විල්හෙම් හිටෝෆ් සහ ජූලියස් ප්ලූකර් යන විද්‍යාඥයන් විසින් පර්යේෂණයක් සිදු කරන ලදී.එමගින් කැතෝඩ කිරණ සොයා ගන්නා ලදී.
ඝනකම වීදුරු නළයක් දෙපස ලෝහ තහඩු දෙකක් සවිකර නළය තුළ පීඩනය 0.01-0.001 Hg mm දක්වා අඩුකර අධික විභව අන්තරයක් (4500 V ට වඩා වැඩි) සැපයූ විට කැතෝඩයේ සිට ඇනෝඩය දෙසට ගමන් ගන්නා වූ කිරණ විශේෂයක් සොයා ගන්නා ලදී. එම කිරණ කැතෝඩ කිරණ නම් විය.එමෙන්ම මෙම නළය කැතෝඩ කිරණ නලය ලෙස හැඳින්වේ.
Wednesday, June 1, 2011
පදාර්ථය හා විද්‍යුතය අතර සම්බන්ධයන්
1. පදාර්ථ වල ගර්ෂණයෙන් ස්ථිති විද්‍යුතය නිපදවීම
- බෝල්පොයින්ට් පෑනක් හෝ පනාවක් හිසේ පිරිමැද කුඩා කඩදාසි කැබලි අසළට සමීප කළවිට කුඩා කඩදාසි කැබලි ඒ දෙසට ආකර්ෂණය වේ.
- වීදුරු කූරක් සේද රෙදි කැබැල්ලකින් පිරිමැද පරීක්ෂා කිරීමේදි වීදුරු කූර (+) ලෙසත් සේද රෙදි කැබැල්ල (-) ලෙසත් ආරෝපණය වී පවතී.
- එබනයිට් දණ්ඩක් ලොම රෙදි කැබැල්ලකින් පිරිමැදීමේදී එබනයිට් දණ්ඩ (-) ලෙසත් ලොම රෙදි කැබැල්ල (+) ලෙසත් ආරොපණය වේ.
ස්ථිති විද්‍යුතය නැමැති මෙය නිපදවූයේ මෙම පදාර්ථ අසුරින් නිස පදාර්ථය හා විද්‍යුතය අතර යම් සම්බන්ධයක් ඇති බව කිව හැක.
2. පදාර්ථ ඇසුරින් ධාරා විද්‍යුතය නිපදවීම.
- තනුක H2SO4 (සල්ෆියුරික්) ද්‍රාවනයක Cu හා Zn කූරු 2ක් ගිල්වා බාහිර පරිපථයකින් බල්බයක් සවිකරන්න. එවිට බල්බය දැල්වේ.
- වියළි කොෂ මගින් විද්‍යුත් ශක්තියක් ලබාගත හැක.
මෙහිදී ධාරා විද්‍යුතය ලැබෙනුයේ අන්තර්ගත පදාර්ථ තිසාය. එනිසා මෙයද පදාර්ථ හා විද්‍යුතය අතර සම්බන්ධය ප්ළිබඳ සාක්ෂියකි.
3. විද්‍යුතය මගින් පදාර්ථය තුළ විපර්යාස අති කළ හැක.
- විලීන NaCl ද්‍රාවණයක් ගෙන ග්‍රෆයිට් ඉලෙක්ට්‍රොඩ දෙකක් ගිල්වා විද්‍යුතය සැපයීමේදී ඇනෝඩය අසළින් Cl වායුවද කැතෝඩය අසළින් Na ලෝහයද සෑදේ.
- ජලය විද්‍යුත් විච්ඡේදනයෙන් H2 හා O2 පිටවේ.මෙහිදී විද්‍යුතයෙන් ජලයේ වෙනසක් සිදුවී තිබේ.
ඉහත පරීක්ෂණ වළින් තහවුරු වන්නේ, පදාර්ථය හා විද්‍යුතය අතර සම්බන්ධයක් අති බවයි.
ඒකක
උසස් පෙළ විශය නිර්දේශය යටතේ ඒකක 16ක් අධ්‍යනය කෙරේ. මුල් ඒකක දහය 12 වසර තුළ අවසන් කළ යුතු අතර 11-16 දක්වා ඒකක 13 වසරදී ආවරණය කළ යුතු වේ.
- පදාර්ථයේ ගුණ හා එහි ව්‍යූහය.
- රසායනික ගණනය කිරීම්.
- පදාර්ථයේ අවස්ථා.
- ශක්ති විද්‍යාව.
- s, p, d ගොනු වලට අයත් මූලද්‍රව්‍ය වල රසායනය.
- කාබනික රසායන විද්‍යාවේ මූලික සංකල්ප.
- හයිඩ්‍රොකාබන.
- ඇල්කීල් හේලයිඩ.
- ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග.
- නයිට්‍රජන් අඩංගු කාබනික සංයොග.
- චාලක රසායනය.
- සමතුළිතතාවය.
- විදු රසායනය.
- විශ්ලේෂණ රසායන විද්‍යාව
- කර්මාන්ත සඳහා රසායන විද්‍යාව
- පාරිසරික රසායනය
Subscribe to:
Posts (Atom)