අවකාශයේ ඉඩක් ගන්නා යම් ස්කන්ධයක් සහිත දෙයක් පදාර්ථය ලෙස හැඳින්වේ. එය
වශයෙන් කොටස් තුනකට වර්ග කෙරේ.
- ස්ථීර හැඩයක් හා නිත්‍ය පරිමාවක් සහිත පදාර්ථය ඝනයකි.
- නිත්‍ය පරිමාවක් සහිත එහෙත් අඩංගු භාජනයේ හැඩය ගන්නා පදාර්ථය ද්‍රවයකි.
- ස්ථීර හැඩයක් හෝ නිත්‍ය පරිමාවක් නොමැති අඩංගු භාජනය පුරාම පැතිරෙන පදාර්ථය වායුවකි.
පදාර්ථය පිළිබඳ හදාරන විද්‍යාව රසායන විද්‍යාව ලෙස හැඳින්වේ. එනම් පදාර්ථයේ ගුණ, පදාර්ථයේ ව්‍යූහය, පදාර්ථ අතර ප්‍රතික්‍රියා වලදී සිදුවන ශක්ති විපර්යාස, පදාර්ථ වල ප්‍රයෝජන, නව පදාර්ථ නිපදවීම, පදාර්ථ ප්‍රයෝජනයට යොදා ගන්නා ආකාරය හා ඒවා පරිසරයට හානි නොවන ආකාරයෙන් භාවිතා කිරීමත් යන කරුණු රසායන විද්‍යාවේදි හදාරනු ලැබේ.
No comments:
Post a Comment